Sinhala- කොස් ඇටයක තිබෙන ප්‍රෝටීන් ගුණය බිත්තර දෙක තුනකවත් නැතැයි කියන විකෘති බුද්ධිකයන් සමඟ කිනම් විවාද ද? Vegetarianism Is it OK for Children and Mothers? By Dr. Ariyasena U Gamage

Vegetarianism
Is it OK for Children and Mothers?
කොස් ඇටයක තිබෙන ප්‍රෝටීන් ගුණය බිත්තර දෙක තුනකවත් නැතැයි කියන විකෘති බුද්ධිකයන් සමඟ කිනම් විවාද ද?
අවිහිංසාවාදය යනු පොදුවේ ගත් කළ කිසිවෙකුට අභියෝග කළ නොහැකි සමාජ සංකල්පයකි. නමුත් අවිහිංසාවාදය යනු තවත් අගතිගාමිත්වයක් වසා දමන, තවත් මිත්‍යාවක් උත්කර්ෂයට නංවන දෙබඩි ප‍්‍රතිපදාවක් නොවිය යුතුය.
මේ ලෝකයේ සත්ව සංහතිය බිහිව ඇත්තේ අහඹු ලෙස ඇරඹුණු ජීව පරිණාමි ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් වශයෙන් මිස අවිහිංසාවාදයේ හෝ නිර්මාංශවාදී ප‍්‍රතිපත්තිය මත තීන්දු වූ ක‍්‍රියාවලියක් මත නොවේ. එනම් ස්වභාවධර්මයේ හෝ ප‍්‍රකෘතියේ ක‍්‍රියාවලිය යනු හුදෙක් යුක්තිධර්මය මත හෝ නූතනයේ වර්ධනය වෙමින් ඇති ශිෂ්ඨ සමාජ ප‍්‍රමිතින් අනූව සිදුවූවක් නොවේ. එහෙත් සමස්ත සත්ව ප‍්‍රජාව අතරින් මානව වර්ගයා පමණක් එවැනි ශිෂ්ඨ සමාජ ප‍්‍රමිතින් අනූව වෙනස් වීමට උත්සාහ දරමින් සිටි.
ආහාර හා පෝෂණය අරඹයා අද සමාජය තුළ ආගමික විශ්වාස පදනම් කරගෙන යම් නිර්දේශයන් ඉදිරිපත් වෙමින් ඇති අතර එ්වායේ බලහතක්කාරි ස්වරූපයක් දිස් වීම මෙහි ඇති නරකම ප‍්‍රවණතාවය යි. මෙවැනි සමාජ ප‍්‍රස්තුත අරඹයා විචාරශීලිව බැලීමට ඇති අවකාශය ද කෙමෙන් හැකිලෙමින් පවති.
ඉහත සඳහන් වූයේ 2014 ජුනි මස 24 වන දින මා හට කොළඹ ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී  ර්‍ණමාතෘ හා ළමා සෞඛ්‍ය කෙරෙහි නිර්මාංශ ආහාරවල බලපෑම” යන මැයින් පැවැත්වීමට නියමිතව තිබූ දේශනයට සහභාගි වන ලෙස ශ‍්‍රී ලංකා හේතුවාදි සංගමය මඟින් සිය සාමාජිකයන් සඳහා යවන ලද ආරාධනා පත‍්‍රයේ ලියා තිබූ සටහන යි.
එදින මා විසින් පැවැත් වූ දේශනය සඳහා ආරාධනා කිරීමට මුල් වී තිබුණේ රාවය පත‍්‍රයේ මාධ්‍යවේදී කේ. සංජීව මහතා මා සමඟ සාකච්ඡුාකොට 2014 ජුනි මස 08 වන දින “දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි” යන සිරස යටතේ පළ කරන ලද ලිපිය යි.
එදින මා විසින් පවත්වන ලද දේශනය සඳහා හැඳින්වීමේ කතාව කරන ලද්දේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිතුමන් විසිනි.
මාගේ දේශනයේ දී මා අවධාරණය කර සිටියේ සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් බිහි කිරීම සඳහා මස්, මාළු, කිරි, බිත්තර වැනි සත්ව ආහාර පරිභෝජනයේ ඇති වැදගත්කමයි. හොඳ පෝෂණයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි වන්නේ හොඳින් වැඩුණු සෞඛ්‍ය සම්පන්න මවකගෙන් බවත් බිහිවූ දරුවා වේගයෙන්ම වැඩෙන ළදරු, ළමා සහ යෞවන වකවානුව තුළ මස්, මාළු, කිරි, බිත්තර ලබා දීමේ ඇති වැදගත්කම ත් එහිදී අවධාරණය කෙරුණි.
විවිධ ආගමික සහ අවිහිංසාවාදී වැනි සංකල්ප නිසා ගර්භණී මව්වරුන් සහ දරුවන් නිර්මාංශ වීම දරුවාගේ මානසික සහ කායික සෞඛ්‍යය උපරිම කිරීම සඳහා බාධාවක් වන අයුරු එහිදි සාකච්ඡුාවට භාජනය කෙරුණි.
විසිඑක්වන සියවසට පා නගා ඇති මිනිසා නිර්මාංශ ආහාර භාවිතයේ ඇති වැදගත් පැති ද හඳුනාගෙන තිබේ. සාපල්‍යතා වයසේ සිටින කාන්තාවන් සහ වැඩෙන දරුවන් සඳහා මස්, මාළු, කිරි, බිත්තර මඟින් යහපත් පෝෂණයක් ලබා දුන්නත් වැඩිහිටියන්ට එ්වා වැඩිපුර ගැනීම අයහපත් ලෙස බලපෑමට හැකි බව අද වන විට විද්‍යාත්මකව ඔප්පු කර තිබේ. එබැවින් වැඩිහිටියන් නිර්මාංශ වීම ඔවුන්ගේ සෞඛ්‍යට හිතකර වූවත් මව්වරුන් සහ දරුවන් නිර්මාංශ වීම ඔවුන්ගේ සෞඛ්‍යට අහිතකර ලෙස බලපානු ඇත යන්න නවින විද්‍යාත්මක පිළිගැනිම යි.
මහාචාර්ය ටී. ඩබ්ලිව්. වික‍්‍රමනායක මහතා 1975 වසරේ පිහිට වූ ශ‍්‍රී ලංකා පෝෂණ සංගමයේ නිර්මාතෘවරයා මෙන්ම ප‍්‍රථම සභාපතිවරයා ය. එතුමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අංශයේ මහාචාර්ය තනතුර දරණ කාලයේ මා ප‍්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ධූරය දැරුවෙමි. එබැවින් එකල එතුමන් විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණ සහ පුහුණු පාඨමාලා සඳහා දේශකවරයෙකු ලෙස මම ද සහභාගි වුණෙමි.
එතුමා විසින් 1996 දී ඉංග‍්‍රිසි භාෂාවෙන් රචිත  “Food & Nutrition”  ”ආහාර සහ පෝෂණය” නැමති පොත දකුණු ආසියාතික රටවල භාවිතයට සුදුසු පොතක් වශයෙන් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මානව පෝෂණ අංශයේ මහාචාර්ය පී.ඇන්. පොට් මහතා විසින් ද නිර්දේශ කර තිබේ.
මහාචාර්ය වික‍්‍රමනායක මහතා විසින් රචිත  “Food & Nutrition” නැමති වටිනා ග‍්‍රන්ථයෙන්
 ”මාතෘ හා ළමා පෝෂණය” නමින් සර්වෝදය විශ්වලේඛා ප‍්‍රකාශනයක් ලෙස 2001 වසරේදී එළි දක්වන ලදි.
ඉන් උපුටා ගත් කරුණු කිහිපයක් පහත සඳහන් කරමි.
මානව පෝෂණ විෂය පථයේ මව සහ දරුවාගේ පෝෂණයට හිමි වන්නේ වැදගත් තැනකි. ප‍්‍රමාණවත් පෝෂණ තත්වයක සිටින මවක් විසින් ප‍්‍රසූත කරන ලද බිළිඳෙකුගේ උපත් බර කි.ග‍්‍රෑ. තුනක් (3kg) හෝ තුන හමාරක් (3 1/2kg) වේ. නිරෝගී ඵලදායි වැඩිහිටියෙකු වශයෙන් වර්ධනය විය හැක්කේ එවැනි දරුවෙකුට ය.
මව්වරුන්ගේ මන්දපෝෂණය ඇය විසින් බිහි කරනු ලබන දරුවන්ගේ සෞඛ්‍ය තත්වයට සහ මරණය සඳහා අවධානමක් ඇති කරමින් එක් පරම්පරාවක සිට අනෙකට සම්පේ‍්‍රෂණය වේ.
ගර්භණී කාලය තුළ මවට ආහාර අවශ්‍ය පරිදි නො ලැබීම දුර්වල සෞඛ්‍ය තත්වයෙන් යුත් අඩු බර දරු උපතකට හේතු වේ.
උපතේ දී බරින් අඩු දරුවා එක් අවුරුදු වියේදී බර අඩු නම්, කෙසඟ සිරුරක් ඇතිනම් ශාරිරික හා මානසික වර්ධනයේ පසුබෑමක් ළමා කාලයේදී ම විද්‍යමාන වේ. මොවුන් මැදි වියට පත් වන විට දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග ආදියට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය වැඩි වේ.
ශ‍්‍රී ලංකාවේ රජයේ රෝහල්වල සිදු වන දරු උපත්වල සියයට විස්සක් (20‍%) අඩු බරැුති දරුවන් බව පෙනී ගොස් තිබේ. මාතෘ මන්දපෝෂණය අඩු බර දරු උපත් සඳහා ප‍්‍රධානතම හේතුව වේ. පියාගේ ශරීර ප‍්‍රමාණය උපත් බරට බල නොපාන අතර උපතින් පසු වර්ධනයට (ප‍්‍රවේණිකව) බලපෑ හැකිය.
නිර්මාංශ මවකගේ ආහාර අවශ්‍යතා මාංශ අහාර අනුභව කරන මවකට වඩා වැඩිය. මක්නිසාද යත් ශාකමය ආහාරවල අන්තර්ගත ඇතැම් පෝෂක උරා ගැනීමට අපහසු නිසා මස්, මාළු අනුභව කරන මවකට වඩා වැඩියෙන් ශාක ආහාර අනුභව කළ යුතු වීම ය.
ගර්භණී කාලය තුළ මවකට අවශකරන ප්‍රෝටින් ප‍්‍රමාණය ඉහළ යයි. එබැවින් ප්‍රෝටින් බහුල ආහාර වර්ග වන බිත්තර, මස්, මාළු, කිරි, සත්ව අක්මාව වැනි මාංශමය ආහාර වර්ග ද මුං, පරිප්පු, කඩල වැනි රනිල බෝග වර්ග ද වැඩි වශයෙන් ආහාරයට එකතු කිරිම යෝග්‍ය ය. ගර්භණි කාලය තුළ අනෙකුත් පෝෂක අවශ්‍යතාවයන් ද වැඩි වේ. මේ අතරින් යකඩ, අයඩින්, විටමින් එ් විශේෂ වේ. මෙම පෝෂණ ඌණතාවයන් දරුවාගේ මතකය සහ බුද්ධිමත්කම කෙරෙහි අයහපත් සේ බලපායි.
බි 12 විටමිනය ශාක ආහාරවල නොමැති බැවින් නිර්මාංශ භක්ෂකයන්ට විටමින් බි 12  නික්ෂේපණ ලබා දිය යුතුය. කැල්සියම් අවශ්‍යතාවය සපුරාලිම සඳහා කිරි පානයට අමතරව කටු සහිත හාල් මැස්සන්, කුඩා මාළු හැකි තරම් අනුභව කළ යුතුය.
ගර්භණී මව්වරුන් සහ කිරි මව්වරුන් මස්, මාළු, කිරි සහ බිත්තර වැනි සත්ව ආහාර අනුභන නො කරන්නේ නම් ඇය ගන්නා ප්‍රෝටින් ප‍්‍රමාණය දිනකට ග‍්‍රෑම් 12 සිට 19 පමණ දක්වා වැඩි කළ යුත්තේ බත්, රනිල භෝග සහ එළවළුවල අන්තර්ගත ප්‍රෝටින් ජීර්ණය වීමේ ප‍්‍රතිශතය අඩු බැවිණි.
ළමා පෝෂණය නැමති පරිච්ජේදයේ මහාචාර්ය වික‍්‍රමනායක මහතා සඳහන් කරන්නේ ළමයෙකුගේ ආහාර වේලක ධාන්‍ය වර්ගයකට අමතරව මාංශ භෝග, බිත්තර, මාළු, මස් ද එළවළු, පළතුරු, තෙල්, මාජරින් සහ බටර් වැනි ශක්තිජනක වූ ආහාර අඩංගු විය යුතු බවයි.
මාංශ බෝගවල පොත්තේ අන්තර්ගත ඇතැම් සංයෝග යකඩ සහ සින්ක් වැනි ක්ෂුද්‍ර පෝෂක උරා ගැනීම අපහසු කරවයි. එසේම මාංශ බෝග ඇතැම් ළමයින්ට අජීර්ණය විය හැක. එබැවින් මාංශ බෝග වෙනුවට තෙල් රහිත මස්, කුකුළු මස්, අක්මාව, සුදු මාළු වැනි සත්වමය ආහාර ලබා දිය හැකිය. එමඟින් අමතර කැල්සියම් ද සපය යි. ඒ සඳහා වේලා ගත් හාල්මැස්සන් කුඩු බත ඉදීමට පෙර එකතු කළ හැක. මස් සහ සත්ව අක්මාව යකඩ ද, බිත්තර කහමදය යකඩ මෙන්ම විටමින් එ්, සී සහ බී සංකීර්ණයේ විටමින් ද ලබා දේ.
මාස හයේ සිට වසර තුන දක්වා කාලය (6-3) තුළ පෝෂණය අනාගත වර්ධනයට සහ විකසනයට ඇති කළ හැකි බලපෑම වටහා ගනු ලැබුවේ මෑත කාලයේදී ය. එ් අනූව ජීවිතයේ මුල් කාලයේ දි පෝෂණය, බුද්ධි වර්ධනය තීරණය කරන බැව් පසක් වී ඇත.
වසරක් වයසැති දරුවාගේ දෛනික ප්‍රෝටින අවශ්‍යතාවය වන ග‍්‍රෑම් විසිහයක (26g) ප‍්‍රමාණය වසර හතර වන විට ග‍්‍රෑම් තිස්පහ (35g) දක්වා වැඩි වේ. ආහාරයේ සත්ව ප්‍රෝටින අඩංගු වේ නම් දෛනික ප්‍රෝටික අවශ්‍යතාවය ඊට අඩු වේ.
ඉන්දියාවේ හයිද්‍රාබාද්හි සිදු කරන ලද අධ්‍යනවලින් පෙනී ගොස් ඇත්තේ උසින් අඩු පෙර පාසල් ළමුන් වැඩිවියට පත් වන්නේ පමා වී බව ය. ඔවුන්ගේ උස වයස අවුරුදු දහඅටේදි (18) පවා කුඩා ළමුන්ගේ මෙනි. එසේම එක්සත් රාජධානියේ ජාතික මට්ටමේ නියැඳියකින් පෙන්වා දි ඇත්තේ සමෘද්ධිමත් පවුල්වල දරුවන් සංඛ්‍යාව වැඩි වුවද දරුවන් උසින් වැඩි බවයි. එබැවින් දරුවෙකු අසනීප වූ විට දී ආහාර තහංචිවලින් මිදි මස්, මාළු, කිරි, බිත්තර ලබා දීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරේ.
මස් සහ මාළු වැනි යකඩ පෝෂක තුළ යකඩ අන්තර්ගතව ඇත්තේ හීම් යකඩ වශයෙනි. කොළ පැහැති එළවළු, ධාන්‍ය, රනිල බෝග මෙන්ම කිරි සහ බිත්තරවල යකඩ අන්තර්ගතව ඇත්තේ හීම් යකඩ ලෙස නොවේ. හීම් යකඩ පහසුවෙන් ශරීරයට උරා ගනී. හීම් යකඩවලින් සියයට පහළවක් විසිදෙකක් (15-22‍) අතර ප‍්‍රමාණයක් ශරීරයට අවශෝෂණය කරන අතර හීම් නොවන යකඩ අවශෝෂණය කරන්නේ සියයට පහක් (5‍%) පමණි. ආහාරයේ ඇස්කොබික් අම්ලය අන්තර්ගත වේ නම් හීම් නොවන යකඩ උරා ගැනීමේ ප‍්‍රතිශතය වැඩි වේ.
කුඩා කාලයේදී මනා පෝෂණයක් ලබා දීම මඟින් ගැහුණු දරුවන් වඩා ඉක්මනින් මල්වර වන බව පෙනී ගොස් ඇත. කොළඹ බි‍්‍රජට් කන්‍යාරාමයේ දැරියන්ගේ මල්වර වීමේ සාමාන්‍ය වයස අවුරුදු 11.4 බවද කඩවත ප‍්‍රදේශයේ පාසල්වල ළමුන්ගේ මල්වර වීමේ වයස අවුරුදු 13.5 ක් බව ද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
පෙර පාසල් ළමුන් අතර ශක්තිය සහ ප්‍රෝටින් ඌණතාවය නිසා රෝග තත්ව දෙකක් 1940-1955 දක්වා කාලයේ දී බහුලව ව්‍යාප්තව තිබුණි. එක් තත්වයක් අප‍්‍රිකානුවන් ක්වෝෂියෝකෝර් ලෙස ද අනෙක් තත්වය දකුණු ආසියාතිකයන් මැරැුස්මස් ලෙස ද හඳුන්වන ලදි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ළමා සෞඛ්‍ය වර්ධන සටහන හඳුන්වා දී පෝෂණ ව්‍යාපෘති ක‍්‍රියාත්මකකොට ඉහත විස්තර කළ දැනුම ජනතාවට ලබා දී ඔවුන්ගේ ආහාර රටාවන් වෙනස් කිරීම මඟින් මන්දපෝෂණ තත්වයක් ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැකි විය. මෙහිදී පෙනී ගිය වැදගත් කරුණක් නම් ශ‍්‍රී ලංකාවේ සමෘද්ධිමත් පවුල්වල හොඳින් පෝෂණය වූ ළමුන්ගේ වර්ධනය ඇමරිකාවේ අගයන් හා සමාන වන බැවින් ශ‍්‍රී ලාංකීය ළඳරුවන්ගේ උස හා බර අඩුකම ප‍්‍රවේණියක ලක්ෂණයක් සේ සැලකීම සාධාරණ නොවන බවයි. දිළිඳු රටවල අඩු බර දරුවෙකුට නිසි පෝෂණය ලබා දීමෙන් ඇමරිකානු සම්මතයට ළඟා විය හැකි බව පර්යේෂණාත්මකව සනාථකොට තිබේ.
විවිධ හේතුන් නිසා ගවයින් ඇතුළු වෙනත් සත්වයින්ගේ මාංශ අනුභව නො කිරීමට ඇතැම් ජන කොට්ඨාශ වග බලා ගනිති. අවිහිංසා සංකල්පය මත හින්දුන් සහ සමහර බෞද්ධයෝ ද මාංශ පරිභෝජනයෙන් ඈත් වේ. ඉන්දියාවේ වසර දෙදහසක කාලයක් තිස්සේ පැවත එන ගව මස් අනුභව නො කිරීමට හේතුව ගවයා සෞභාග්‍යයේ සංකේතය ලෙස ත් දෙවියෙකු ලෙසත් එළදෙන දෙවඟනක ලෙස ත් සලකන බැවිනි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ (ක‍්‍රි. පූ. 2500 – 1700) ගවයාට වැදගත් ස්ථානයක් හිමි වූවත් මාංශ භක්ෂණයෙන් වැළකි සිටීමක් නොවීය. ඉන්දියාවේ ගව ඝාතනය තහනම් කෙරුණේ දැනට වසර දෙදහකට (2000) පමණ පෙර ය. එබැවින් හින්දු, සික් සහ ජෛන ජනතාව ගවයා අද ත් ශුද්ධ වූ සතකු ලෙස පිළිගනිති.
මස් අනුභව කරන ජනතාව පවා මල්වර වීම, ඔසප් වීම, ගර්භණි සමය සහ පොහොය දිනයන්හි දි මස් අනුභව නොකරති. මේ අනුව බලන කළ ගර්භණි කාලයේදී සහ ක්ෂීරණ සමයේ දී ආහාර පිළිබඳ පවතින විවිධ විශ්වාසයන් නිසා දරුවෙකුගේ වර්ධනය කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. එවන් විශ්වාසයන් යුරෝපයේ පැවතිය ද විද්‍යා දැනුම ප‍්‍රචලිත වීම සමඟ එ්වා කෙමෙන් අතුරුදන් වී ගියේය.
සර්වෝදය යනු ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය හොඳින් හඳුනාගෙන ක‍්‍රියා කරන සංවිධානය කි. මාතෘ හා ළමා පෝෂණය පිළිබඳ විද්‍යාත්මක කරුණු ශ‍්‍රී ලංකාවේ පෝෂණ විද්‍යාව පිළිබඳව පුරෝගාමියා වූ මහාචාර්ය වික‍්‍රමනායක මහතා පෝෂණය ගැන ලියූ පොත පරිවර්තනය කර බෙදා හැරියේ එබැවිනි. මම්වරුන්ට සහ දරුවන්ට මස්, මාළු, කිරි, බිත්තර ලබා දීමේ වැදගත්කම නොපැකිලිව එහි සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් පරපුරක් බිහි කිරිම සඳහා එය ඉතා වැදගත් බැවිනි.
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රි. ව. 2007 දී ප‍්‍රකාශයට පත් කරන ලද  ර්‍ණපෝෂණය – රෝගීන් මෙන්ම නිරෝගීන් සඳහා” නැමති ග‍්‍රන්ථය පෝෂණය පිළිබඳ රජය මඟින් මුද්‍රණය කරන ලද විශාලතම ග‍්‍රන්ථය යි. එම ග‍්‍රන්ථයට අනූව අප ගන්නා ආහාර ජීර්ණය වූවාට පසුව එයට කුමක් සිදු වේද යන්න පළමු වරට විමසා බැලූවේ ලැවෝසියර් නැමති ප‍්‍රංශ විද්‍යාඥයා ය. එ් දහඅට (18) වන සියවසේ දී ය. විසිවන සියවස (20) වන විට යුරෝපය, ඇමරිකාව හා ජපානය පෝෂණය පිළිබඳව නිරත වූ විද්‍යාඥයින් විසින් යහපත් වර්ගයේ ප්‍රෝටීන්වල අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි. මෙයට කනිජ ද්‍රව්‍ය, විටමින, ඇමයිනෝ අම්ල, හෝමෝන, එන්සයිම, රසායනික නියාමන සහ ජීර්ණය හා පරිවෘත්තිය පිළිබඳ අන්තර් මාධ්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් බොහෝ කරුණු සපයා ගන්නා ලදි.
1940 ගණන්වලදී එක්සත් ජාතින්ගේ UNICEF, FAO සහ WHO සංවිධාන බිහි වූ අතර එ්වායේ ඇති විද්‍යාත්මක දැනුම මත පදනම් කරගෙන යහපත් පෝෂණයකින් යුතු ජනතාවක් බිහි කිරීම සඳහා බොහෝ වැඩසටහන් දියත් කරන ලදි. එ් සම්බන්ධයෙන් කරන ලද උතුම් කාර්යභාරය සඳහා ත්‍්ධ සංවිධානයේ නායක ලෝඞ් ජෝන් බොයිඞ්ට 1949 දී නොබෙල් ත්‍යාගය පවා හිමි විය.
එම පෝෂණය ග‍්‍රන්ථයේ සටහන් කර ඇති ආකාරයට ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල ප්‍රෝටීන් උපදවන ආහාර අතිශයින්ම හිඟය. සත්ව ආහාර සුළු ප‍්‍රමාණයක් ලබන මෙන්ම ප‍්‍රධාන වශයෙන් ශාකමය ප්‍රෝටීන්වලින්ම ජීවත් වන මිනිසුන්ගේ උසින් අඩු වීමට බලපායි. බෙහෝ පෙරදිග රටවල සහ ඉන්දුනිසියානුවන් උසින් අඩු වීමට හේතුව එයයි. වසර ගණනාවක් තුළ කැලිෆෝනියාවේ වාසය කළ පෙරදිගවාසීන්ගේ උස සැලකිය යුතු ප‍්‍රමාණයකින් වැඩි වූ බව පෙනී ගොස් තිබේ. අනික් අතට  ඕස්ටෙ‍්‍රලියානු හා නවසීලන්ත වැසියන්ගේ ශරීර විශාල වීමට මෙන්ම ශක්තිමත් වීමට හේතුව ලෝකයේ වැඩියෙන්ම මස් අනුභව කරන්නන් ඔවුන් වීමය.
අංග සම්පූර්ණ හොඳ ප්‍රෝටීනයක් ලෙස හැඳින්වෙන්නේ සාමාන්‍ය වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සැපයෙන ප්‍රෝටීන්වලට ය. පොදුවේ සඳහන් කරතොත් මස්, මාළු, බිත්තර, කිරි හා චීස් වැනි සත්වමය ප්‍රෝටීන්වලින් යහපත් තත්වයේ ප්‍රෝටීන් බහුල ප‍්‍රමාණයක් ලැබෙන බව කිව හැකිය. එයට හේතුව සත්ව ප්‍රෝටීනවල අන්තර්ගත ඇමයිනෝ අම්ල ප‍්‍රමාණය මිනිසාගේ අවශ්‍යතාවයට පුදුමාකාර ලෙස සමාන වන බැවිනි.
එළවළු වූ කලි ප්‍රෝටීන අල්ප ප‍්‍රමාණයක් ලබා ගත හැකි මාර්ගයකි. එ්වාගේ අඩංගු ප්‍රෝටීන් ප‍්‍රමාණය 1-2‍% වන අතර රනිල බෝගවල ඇති ප්‍රෝටීන ප‍්‍රමාණය 5-6‍්‍ර ක් පමණ වේ. ප්‍රෝටීන වැඩිම ප‍්‍රමාණයක් අන්තර්ගත වන සෝයා බෝංචි මිනිස් ආහාරයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ භාවිතා නොකෙරේ. එහෙත් සත්වමය ආහාර හිඟ බොහෝ රටවල එය ප්‍රෝටීන ලබා ගැනීමේ වැදගත් මාර්ගයක් වන්නේය. ශාක ප්‍රෝටීනවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල එකක් හෝ වැඩි ගණනක් අඩු ප‍්‍රමාණයකින් පිහිටා තිබේ. එනම් තිරිඟුවල ලයිසින් අඩු වේ. ඉරිඟුවල ටි‍්‍රප්ටොපේන් අඩු වේ. එබැවින් පරිපූර්ණ ඇමයිනෝ අම්ල සහිත ආහාරයක් තැනීම සඳහා එළවළු සහ ධාන්‍ය වර්ග මිශ‍්‍ර කර වැඩි ප‍්‍රමාණයක් අනුභව කළ යුතු වේ.
අප අනුභව කරන ප්‍රෝටීන් ප‍්‍රමාණයෙන් යටත් පිරිසෙයින් තුනෙන් කොටසක් සත්ව ප්‍රෝටීන් වීම බෙහෙවින් යෝග්‍ය වේ. ඇත්ත වශයෙන් ඇමරිකානු පෝෂණයෙහි ප්‍රෝටීන්වලින් තුනෙන් දෙකක් සැපයෙන්නේ සත්වමය මාර්ගවලිනි.
ඇමරිකාවේ ආරෝග්‍යශාලාවල බොජුන්පත් සකස් කිරීමේදී දවසකට කැලරි 1300 ක් ඇතුළත් භෝජන නිර්දේශයට ප්‍රෝටීන් අධික ප‍්‍රමාණයක් ඇතුළත් වන අතර ඉන් අඩකට වඩා සත්ව ප්‍රෝටීන් වන්නේ ය. ශල්‍යකර්මයකින් පසු සුවය ලබන කාලය තුළ අමතර ප්‍රෝටීන් අනුභව කිරීමෙන් සුවය ලැබීමත් ශක්තිය නැවත ලබා ගැනීමත් ඉක්මන් කෙරෙන බව පෙනී ගොස් ඇති බැවින් ප්‍රෝටීන් ප‍්‍රමාණය අඩුකිරීමේ කලින් පැවති සිරිත දැන් සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කර තිබේ.
මා ඉහතින් සඳහන් කළේ අප රටේ අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පෝෂණය පිළිබඳව ප‍්‍රකාශයට පත් කර ඇති එකම පොතෙහි අඩංගු වැදගත් කරුණු කිහිපයකි. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පොත් ප‍්‍රකාශයට පත් කිරීමේදි රටේ ජනතාවට දැනුම ලබා දීම සඳහා සුදුසුම පොත් තෝරා ගන්නා බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් අවාසනාවකට මෙන් පෝෂණය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක කරුණු පසෙක තබා ආගමික සහ විඥානවාදී සංකල්ප මත පිහිටා තම පෝෂණය සහ සෞඛ්‍ය පිරිහීමට ලක් කර ගන්නා අය එමට සිටිති. ඊටත් වඩා භයානක දෙය නම් “අවිහිංසාවාදී” “නිර්මාංශවාදී” සංවිධාන මඟින් ජනතාවට සත්‍ය නොවන අවිද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරමින් ඔවුන් නොමඟ යැවීම යි.
මා විසින් 2014 ජුනි මස 08 වන දින රාවය පුවත්පතට දික්වන ලද අදහස් ශ‍්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය මඟින් 2014 ජුලි මස 02 වන දින “බිහිදොර” නැමති වැඩසටහනේදී නිර්දය ලෙස විවේචනය කරනු ලැබිණි. එ් සඳහා සහභාගි වූ ආචාර්ය අසංක විජේරත්න මහතා (සාකච්ඡුාවේ සමහර තැන්වලදී ඔහු වෛද්‍යවරයෙකු ලෙස ද හඳුන්වන ලදි) කතා කළ කරුණු සියල්ලක්ම පාහේ සත්‍යභාවයෙන් තොර එ්වාය. ඔහු  ”කොස් ඇටයක ඇති ප්‍රෝටීන් ගුණය බිත්තර දෙක තුනකින්වත් ගන්න බැහැ” කිවේය. ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් නිකුත් කරන ලද Tables of food composition නැමති පුස්තකයට අනූව කිකිලි බිත්තරයක (ග‍්‍රෑම් 100) ඉස්තරම් ප්‍රෝටීන් ග‍්‍රෑම් 13.3 ක් අඩංගු වන අතර කොස් ඇට ග‍්‍රෑම් 100 ක අඩංගු වන්නේ දෙවන පන්තියේ ප්‍රෝටීන් ග‍්‍රෑම් 4.30 ක් පමණි. සාකච්ඡුාවේ තවත් තැනකදී ඔහු හරකෙකුගේ ශරීරයේ ඇති ප්‍රෝටීන ප‍්‍රමාණය කුරුම්බා ගෙඩියක ඇති බව පැවසුවේ ය. එහෙත් ආහාර සංයුති සටහනට අනූව  හරක් මස් ග‍්‍රැම් 100 ක පළමුවන පන්තියේ ප්‍රෝටීන් ග‍්‍රෑම් 19 ක් අඩංගු වන අතර හොඳින් මේරූ පොල් ග‍්‍රෑම් 100 ක අඩංගු වන්නේ දෙවන පන්තියේ ප්‍රෝටීන් ග‍්‍රෑම් 3.2 ක් පමණි. අපේ පැරැුන්නන් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයේ සිටිමින් අවුරුදු සියයකට වඩා ආයු වැළඳු බව ඔහු පවසයි. එහෙත් ජන සංඛ්‍යා ලේඛණවලට අනූව අතීතය සමඟ සසඳන විට වැඩිම ආයු කාලයක් ජීවත් වන මිනිසුන් සිටින්නේ වර්තමානයේ බව ඔහු නො දනි.  ”සර්වභක්ෂකය” යන්නෙහි තේරුම කුමක්දැයි සාකව්ඡුාව මෙහෙයවූ තැනැත්තිය ඇසූ විට ඔහු පවසා සිටියේ ගස්වල අල, කොළ, මල්, ධාන්‍ය, පොතු සහ පළතුරු අනුභව කරන්නා යන්න ය. සත්ව භක්ෂක, ශාක භක්ෂක සහ සර්ව භක්ෂක යන්නෙහි තේරුමක් නො දන්නා අසංක විජේරත්න මහතා වෛද්‍යවරයෙකු හෝ ආචාර්යවරයෙකු වූයේ කෙසේ දැයි මා හට ගැටළුවක් මතු වේ. එක්කෝ ඔහු ප්‍රෝඩාකාරයෙකි. නො එසේ නම් “හයිපෝමේනියා” නැමති මානසික රෝගයෙන් පෙළෙන්නෙකි. මෝඩකමට නම් ප‍්‍රතිකාරයක් නොමැත. එහෙත් හයිපෝමේනියාවට නම් වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාර තිබෙන බව දන්වනු කැමැත්තෙමි.
අවිහිංසාවාදී මහා සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතා වෛද්‍යවරයෙකු නොවන බවත් එහෙත්  ඕනෑම වෛද්‍යවරයෙකු සමඟ පෝෂණය පිළිබඳව තර්ක කළ හැකි බවත් පවසා සිටි. ඔහුට මදන විසය ඇති වූයේ අවුරුදු 18 දී බවත් මස් අනුභව කිරීම නිසා අද ජීවත් වන දරුවන්ට මදන විසය ඇති වන්නේ අවුරුදු 10-12 දී බවත් එතුමා පවසයි. මදන විසය ඇති වන වයස පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කර නැතත් ගැහැණු දරුවකු මල්වර වන වයස පිළිබඳව නම් සමීක්ෂණ පවත්වා ඇති බව දන්වනු කැමැත්තෙමි. එ් අනූව පෙනී යන කරුණක් නම් මස් මාංශ අනුභව කරන දරුවන් ලබන හොඳ පෝෂණය නිසා මල්වර වීමේදී වසර කිහිපයක් ඉදිරියෙන් සිටින බවයි.
පෝෂණය විෂය පිළිබඳව වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ඉගෙන ගන්නේ පැය දෙකක පමණ කාල සීමාවක් බවත් එබැවින් අප වැනි වෛද්‍යවරුන් හට පෝෂණය පිළිබඳව නිවැරදි දැනුමක් නැති බවත් අසංක මහතා පවසයි. එය මුසාවකි. අමූලික බොරුවකි. මා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන්ට ප‍්‍රජා වෛද්‍ය විද්‍යාව විෂය යටතේ පමණක් පෝෂණය පිළිබඳව දේශන දහයක් පමණ (පැය 20) පවත්වා ඇති අතර එම ජෛව රසායන විද්‍යාව, ළමා වෛද්‍ය විද්‍යාව (Pediactrition) සහ වෛද්‍ය විද්‍යාව වැනි අනෙකුත් විෂයන් යටතේ ද උගන්වන බව දන්වනු කැමැත්තෙමි. මීට අමතරව හිඳගල නම් තෝරා ගත් ප‍්‍රදේශයේ ජීවත් වන පවුල් වෛද්‍ය සිසුන්ට භාර දී ඔවුන් ලවා ආහාර හා පෝෂණ සමීක්ෂණයක් පවත්වන බව ද දන්වනු කැමැත්තෙමි.
මා විශේෂඥතාවය දරන්නේ ප‍්‍රජා වෛද්‍ය විද්‍යාවට පෝෂණය විශේෂිත වූ පර්යේෂණ විෂයක් බව අසංක මහතා නො දන්නා බව පෙනේ. මා සාකච්ඡුාවට භාජනය කරන ලද මාතෘ හා ළමා පෝෂණය මාගේ විෂය පථයට කෙලින්ම අදාළ වූවක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරාධනා පරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහා පෝෂණය පිළිබඳව අත් පොතක් සකසා ඇති බවත් 1990-1995 වකවානුවේ සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය, පෝෂණ අංශයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් දන්වනු කැමැත්තෙමි.
මා රාවය සමඟ කළ සාකච්ඡුාව පිළිබඳව විවාදයකට ඔභඛ හි බිහිදොර වැඩසටහනට පැමිණෙන ලෙස නිහාල් විජේරත්න මහතාට අභියෝග කළේය. නිදහස් චින්තකයෙකු වූ මාර්ක් ට්වෙයින්ගේ පඬි වදනකින් මම ඔහුට පිළිතුරු දීමට කැමැතෙමි.  ”කිසිවිටෙකත් මෝඩයන් සමඟ විවාදයට නො යන්න. ඔබ ඔවුන්ගේ මට්ටමට ඇඳගෙන අත්දැකීමෙන් පහර දෙනු ඇත.”
මස් පරිභෝජනය සහ පිළිකා අතර සම්බන්ධයක් ඇති බව මේ දිනවල සාකච්ඡුාවට භාජනය වී ඇති තවත් කරුණකි. එ් පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් කර ළඟදීම රාවයට ලිපියක් ලියන්නට බලාපොරොත්තු වෙමි.
0.00.0